Lyrics of Wea Kanda Wage
වෑකන්ද වගේ නුඹ රැක ගන්නම්
රෑ සිසිල දිදී සනසනවානම්
රෑ හඳ පානට යන්න කියන්නම්
මා ළඟට වෙලා නුඹ ඉන්නවනම්
පැලි වළන් පැළුන ජීවිත පතුලේ
නිල් දියවර වී පිරුණිද ළඳුනේ
කවිපද ඇවිළෙන හිත ඉස්මත්තේ
නුඹ හිනාවෙයන් මගෙ ඕලු මලේ
වෑකන්ද වගේ නුඹ රැක ගන්නම්
රෑ සිසිල දිදී සනසනවානම්
රෑ හඳ පානට යන්න කියන්නම්
මා ළඟට වෙලා නුඹ ඉන්නවනම්
පෙන පාසි ඇවිත් රළ පිට නැගලා
නුඹේ හිත ගන්නට මාන බලන දා
පිටවාන වගේ නොසැලී හිටපන්
කැන්දාන යන්න දිනයක් එනකන්
වෑකන්ද වගේ නුඹ රැක ගන්නම්
රෑ සිසිල දිදී සනසනවානම්
රෑ හඳ පානට යන්න කියන්නම්
මා ළඟට වෙලා නුඹ ඉන්නවනම්
Wea Kanda Wage Numba Raka Gannam English Lyrics
Vae kanda wage numba raekagannam
Rae sisila didee sanasanavaanam
Rae handa paanata yanna kiyanam
Maa langata velaa numba innavaanam
Paeni valan pelu jeevita pathulen
Nil diyavara vee pirunida landune
Avi pada avilena hita ismaththe
Nuba hinaveyan mage opu male
Vae kanda wage ….
Pena paasi avith rala pita naengalaa
Nuba hita gannata maana balana daa
Pitavaana wage nosalee hitapath
Kaendana yanna dinayak enakan
Vae kanda wage ….
Artist: T.M. Jayarathne (T M ජයරත්න)


Comment