Awuwata Wassata Huru Minisunne

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ | Awwata Wassata Huru Minisunne | Song & Lyrics

Lyrics of Awwata Wassata Huru Minisunne

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙන් රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
මොන රජ මැදුරෙද බත්පත බෙදුනේ

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙන් රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
මොන රජ දරුවද පැලකට වැඩියේ

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙන් රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ


Awwata Wassata Huru Minisunne English Lyrics

Awata wessata huru minisunne
Daethe viriyeni rataval negune
E minisunage malagama wenuwen
Mona raja madureda sudu kodi negune

Daa gab maha wew kala nikethana
Numbala daethini mihi matha mewune
E numbalatai du daruwantai
Mona raja madureda doratuwa harune

Raja sepa windinata raja daruwan hata
Numbala daethini mandira mewune
E numbalage duka deka gannata
Mona raja daruwada pelakata wediyye

Artist: T.M. Jayarathne T M ජයරත්න

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists