Wala Athula Siri Yahane

වලා අතුල සිරි යහනේ | Wala Athula Siri Yahane | Song & Lyrics

Lyrics of Wala Athula Siri Yahane

වලා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා

නොදරුවකු අතින් බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දසඅත රටා වියනවා

කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා

වලා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා


Wala Athula Siri Yahane English Transliteration

Wala athula siri yahane
unusum hiru kedi porawa
indrachapa kumaraya nida watenawa
mal sugandhayen nalewena
latha madulle lagagena
ran ran siyothun gi sindu kiyanawa

jeewithaya wage mumunana
adaraya wage dilihena
diya tharanga pokurak eliyen naliyanawa

nodaruwaku athin boda wuna
sithuwamak lesin sundara
pata ranakin dasatha rata wiyanawa

kiri wadi nathana goyamata
mihidumin wetunu pini kata
randamak wage gelawata ranin dilenawa

hetak gena yamak nodakina
hetak thibe dayi nosithana
kenek madhuwithak thol aga thawaragannawa

wala athula siri yahane
unusum hiru kedi porawa
indrachapa kumaraya nida watenawa
mal sugandhayen nalewena
latha madulle lagagena
ran ran siyothun gi sindu kiyanawa

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from Sapphire

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists