Ranawara Gahe Mal

රණවරා ගහේ | Ranawara Gahe | Song & Lyrics

Lyrics of Ranawara Gahe

රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකිසඳේ හැඬුම් මිස බැරිය සීපද

වැඩපළේ වහල උඩ අඬන කොවුලනි
මොකද මේ තොපට නැතුවද බඩගිනි
නම කියා විහිළු කළ කුරුලු දරුවනි
පර වුණාම එරබදු මලෙත් නෑ පැණි

එනතුරා පැලට අවුරුද්ද දුක නැති
මග බලාන දොරකඩ පුංචි දුව ඇති
පඩි අරන් හෙට උදේ ගමට යන සකි
නුඹ අතේම වට මගෙ කඳුළු යැවුවැකි

රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකිසඳේ හැඬුම් මිස බැරිය සීපද

ranavara gahe mal pipena kaleta – Sunil Edirisingha edirisinghe

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists