මායම් තරු රෑනේ

Lyrics

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිඳුනා මා නෑ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්ද රෑ නෑ නිදි
ඔබ හින්දයි තවමත් මා මඟ බලමින් ඉන්නේ රැදී
කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදනී


පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේ ද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලිව්ව හසුනත් ඔයාටයි
මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත්කමක් නේද දැනුනේ කියා
කවදාද ඉටු වන්නේ මේ ප්‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

මායම් තරු රෑනේ …..

මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතීලා
තරු වාගේ දිලිහෙද්දී පොඩි ඇස් ඔයාගේ
බෑ දැන් කියා ගන්න හිත ගොළු වෙලා
දැනගත්ත දා ඈත වෙන් වී ගියොතින්
හැමදාම විදවන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා

මායම් තරු රෑනේ …..

Mayam tharu raane rane – Amal Perera

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists