Wassak Wela

වැස්සක් වෙලා | Wassak Wela

Lyrics of Wassak Wela

සද සරසා තිබුනා
තරු හිනැහී උන්නා
මල් පිපිලා මන්දාරමේ

ඔබ හා මා බැදුනා
හද මඩලේ පිරුනා
වචනෙන් පවසන්න බෑ ආදරේ

ලදුනේ ඔය හෙවනැල්ල
සෙවනක් වෙලා
මා නිවෙනා තරම් ඔබ නිසා

සංසාරේ ඉදලද එන්නේ සුලගක් වෙලා
මේ සැනසීම දෑතේ දරා

වැස්සක් වෙලා
වහිනා තුරා
මං ආදරෙන් තෙමෙනවා

හුස්මක් වෙලා
හිස්තැන් මකා
මගේ ජීවිතේ සැරසුවා

දෑතේ වෙලිලා
ආලේ වෙරලේ
අපි දෙන්නා ඇවිදන් යමු

කාලේ ගෙවිලා
අවසානයෙන්
දෑතින්ම අල්ලන් ඉමු

අපි ලියනා අපේ කතාවේ
අවසානේ දුකින් නිමාවේ

මල් පිපෙනා දුහුල් තලාවේ
ඔය සුවදයි මගේ ආදරී

වැස්සක් වෙලා
වහිනා තුරා
මං ආදරෙන් තෙමෙනවා

හුස්මක් වෙලා
හිස්තැන් මකා
මගේ ජීවිතේ සැරසුවා

Wassak Wela (වැස්සක් වෙලා) Lyrics | Raveen Tharuka 

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists