දඟකාර ඔය දෑස දුටුවා එදා

Lyrics

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා
//

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ
උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස …

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ
සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස …

Dangakara dagakara දගකාර oya desa dutuwa – Sanath Nandasiri

More from RogueOne

Uploaded by
2 followers

1 Comment

  1. මේ ගීතය ලියවෙන්නේ 1979 සැප්තැම්බර් 30 දින… ඒ සුනිල් ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දියයි..

    සුනිල් මහතා අතින් සනත් නන්දසිරි මහතා වෙනුවෙන් ලියවුණු මේ ගීතය වෙනත් ගීතවලට වඩා අතිශය ජනප්‍රිය වුනා. ඒ ජනප්‍රියත්වය අදටත් සිදුම අඩුවක් නම් සිදුවෙලා නෑ.

    ගීතය ගැන වැඩි යමක් කතා කරන්නට නැතත් ගීතය රචනයේදී සිදුවුණු විශේෂ සිදුවීමක් ගැන සුනිල් ගුණවර්ධන මහතා එක්තරා රූපවාහිනී වැඩසටහනදී මතක් කරනවා.

    ඒ තමයි සනත් නන්දසිරි මහතාට ඕන වෙනවා මේ ගීතයට අනිවාර්යයෙන් “ඇස් දෙකෙන් ලියුම් ලීවා” කියන අර්ථය ඇතුළත් කරන. ඉතින් සනත් මහතා සුනිල් මහතාට කියනවා…

    ‘මල්ලියේ ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන අර්ථය මේ ගීතයේ අනිවාර්යයෙන් තියෙන්නම ඕන..’

    ඉතින් කොච්චර උත්සාහ කරත් ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන පදයක් හදාගන්න මේ දෙන්නාටම අමාරු වුණා.

    කොහොම හරි දෙන්නාම ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන වචන කල්පනා කර කර ඉන්න අතර්, සනත් නන්දසිරි මහතා යනවා නාන කාමරයට නාන කාමරයට ගියපු සනත් මහතා එක පාරටම ඇතුලේ ඉදන්ම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා…

    ‘මල්ලියේ…. මල්ලියේ… අපි ඔතනට දාමු “දසුනින්ම හසුනක් මවා” කියලා….’

    ඔන්න ඔය විදිහට තමයි මේ රසවත් ප්‍රේම ගීතයට අත්‍යවශ්‍ය කරපු වචනය වෙච්චි “දසුනින්ම හසුනක් මවා” කියන කොටස ගීතයට එකතු වෙන්නේ. 😀

    – මයුරපාද මිතුරෝ –

🎵 Music Queue Add songs & save playlists