Premaya Lowa Hama Thanama Athi

ප්‍රේමය ලොව හැම තැනම ඇතී

Lyrics

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැම දෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසිකෙනෙකු නැතී
//

විල් තෙර දිය මත දියබුන් නඟනා
ප්‍රේමයේ දිය උල්පත නිසලයි
සියපත විලමත පුබුදන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී …

සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන
ප්‍රේමයේ මුල් පස යට සැඟවේ
නන් පල මල් දළු පුබුදන මුත් ගස
මුල් රැස කිසි කෙනකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී … //

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists