Rallen Ralle
&

රැල්ලෙන් රැල්ලේ

Lyrics of Rallen Ralle

රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
වැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා
නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා

රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
නිල්ලේ ඉඳගෙන මා නුඹව සිඹිනවා
නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා

ඔය අතගාවින් අතක් තියා
හිතගාවින් හිතක් තියා
රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා
එළිවෙනතුරු නින්ද ආවේ නෑ…..ඈ….

මේ දියඹේ… සැඩ පහරේ
මාහිමිගේ… පණ රැකුණේ

කළු අහසේ…. තරු පොකුරේ
මගේ හුස්මේ… දුක රැදුණේ
එනතුරු හෙට දවසේ
ඇයි දෝ දුක් වෙන්නේ

කදුළට මං බය හින්දා…

රැල්ලෙන් රැල්ලේ
පාවෙන රැල්ලේ
නින්දේ වින්දේ
පැද්දෙයි හීනේ…

ඔය අතගාවින් අතක් තියා
හිතගාවින් හිතක් තියා
රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා
එළිවෙනතුරු නින්ද ආවේ නෑ…ඈ…

Rallen Ralle pawena – Dinesh Gamage & Kanchana Anuradhi

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists