Sinahawa Atharin Kadulak Upanna

සිනහව අතරින්

Lyrics of Sinahawa Atharin

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හිමකැට වැටෙනා සීතල උදයක
ඇය හමුවූවා කඳුකර පෙදෙසක
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ

හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කළෙ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ

ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කඳුළක් උපන්නා

Sinahava Atharin Kandulak Upanna – Milton Mallawarachchi

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists