Maga waradila

මග වැරදිලා

Lyrics

මග වැරදිලා ගිය වන ගජිදා කිපුණී
පුතු ඒ හඬින් බියවී මව් තුරුලට වැදුණී
මව් සෙනෙහසට
භව දුක් සයුරම ගැලපී
මනු ලොව පුතුන්ගේ
විතරක් පණ රැකුණි

ඇතෙකුට ඇත් මවුන් ඇතේ
මව් ගුණ ගැන ඉවක් නැතේ
පුතෙකුට උන් මවත් නැතේ
මවකට නැත මවක් ලොවේ
මවකට නැත මවක් ලොවේ

ගලනා සැඩ ගඟක් වෙතේ
කඳුලැලි දුක් නිමක් නැතේ
හිමි කරුණා නෙතක් ඇතේ
නුඹ හසුවන පිනක් නැතේ
නුඹ හසුවන පිනක් නැතේ

වෙල් දෙනිවල ගොසින් පය පැටලී රිදවී
අම්මේ කියා නොදැනිම හැඬෙනා වේලේ
මව්ගේ ගුණ නෙතින් නොසිඳුණු උණු කඳුලු දිගේ
මොලකැටි හිතින් නුඹ ආ දුර බලනු පුතේ
බිව් කිරි ණයෙන් එක බිඳුවක් ගෙවෙයි පුතේ
බිව් කිරි ණයෙන් එක බිඳුවක් ගෙවෙයි පුතේ

Maga waradila weradila varadila veradila giya wana gajida kipuni – Ravi Royster ravee rave

More from RogueOne

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists