Daradandu Pirimi

දරදඬු පිරිමි | Daradandu Pirimi | Song & Lyrics

Lyrics of Daradandu Pirimi Amu Sinduwa

දාලා ගිය උන් ආයෙ ආවට
ගියපු ආදරේ ආයෙ එන්නෙ නැතිම හින්ඳා
තැලුන පොඩිවුණ රාග ගිණි මැද පහස හුරුවුන
පාට පැස්ටල් මූණෙ මන් ආදරේ තිබ්බා

ආසා තැන්වල ආස මල් පිපුනේ නැතිවම
කොහෙන් හරි ගිලිහිලා ඔහෙ පාරේ හැලුනම
රතු පරඬලා කරවෙච්ච අවලංගු ඇස් අග
දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග
දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග

රළු ම පපු අස්සෙ ගෑනු නිදි වැද්දේ
පුදුම හිතෙනවා දැනුනෙ නැති හැටි
පිරිමින්ගේ බර කඳුළු වල සද්දේ

ආසා තැන්වල ආස මල් පිපුනේ නැතිවම
කොහෙන් හරි ගිලිහිලා ඔහෙ පාරේ හැලුනම
රතු පරඬලා කරවෙච්ච අවලංගු ඇස් අග
දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග
දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග
දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග
දන්නවද නැවතුනේ දරදඬු පිරිමි වග

Daradandu pirimi – Sanjeew Lonliyes

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists