දෑසින් නොවැටී

Lyrics

දෑසින් නොවැටී ගිලිහුණ කඳුලක්
හද පතුලේ සිර වී ඇත්තේ
මතුවක නුඹ මා ලය පිරිමැදලා
ඒ කඳුලට හඬගා මට කිවමැන
සෙනෙහෙන් සංසාරේ හැම ප්‍රේමෙක තිබුණේ
වෙන් වීමක් විතරයි කියලා

කර මත කැකුලක ලොව නංවා ගෙන
ගිය ගමනේ රිදවුම් නැතිවද දන්නේ
කවදා හෝ නුඹ මා දුටු හීන දකින්නේ
රහසින් විත් මට ඒ දුක කියපන්නේ
රහසින් විත් මට ඒ දුක කියපන්නේ

දෙලොවක් අතරේ දෙහදක් දුටු මා
නොදුටුවාට කම් නැහැ පුතුනේ
ලොව නෑසුවදා නුඹට ඇසෙන දවසේ
කැකුලු මුවග සිඹිනා මොහොතක් පාසා
හද තෙමුණු ඇසින් නුඹ දෙස බලපන්නේ
පෙර නොදුටු ඇසින් මා දැකපන්නේ
දෑසින් නොවැටී ගිලිහුණ කඳුලක්

Dasin desin nowati novati gilihunu kandulak kadulak – Nanda Malani

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists