Handapane

හඳපානේ

Lyrics of Handapane

හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ

හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ

ගමේ පල්ලියේ මංගල්ලේ
හවසක අපි හමුවෙලා
ඈතින් බලා දෙනෙතින් සිනාසුණා
හදේ ආදර ගිනිකන්දේ
හැඟුමන් මා හංගලා
දෙවිඳුන් පුදා ආශිර්වාදේ ලැබුවා
පැතුවා ඔබ මා ආලෙන් එක්වෙයි පැතුවා

හඳපානේ හැංගී දුන් හාදුවේ

ගමේ වෙල්යාය මැද්දේ
මැයි ගහ යට හමුවෙලා
ළංවී බලා මුවඟින් සිනාසුණා
හැඟුම් දහදාහක් මැද්දේ
මා ඔබ තුරුලේ හොවා
තව ළංවෙලා දෙතොලින් දෙතොල් තෙමා
බැඳුණා ඔබ මා ආලෙන් එක්වී බැඳුණා

හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ

හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ

හදපානේ Hadapane handa pane hangi dun haduwe – Windy Goonathilake gunathilaka

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists