Lyrics of Biththara Mallak
බිත්තර මල්ලක් ඇතුළේ බිත්තර කටුවයි තිබුණේ
බිත්තර මල්ලක් ඇතුළේ බිත්තර කටුවයි තිබුණේ
ගුණ්ඩු කියලා වච්චි පැනලා මල් නෙළන්න යං
කාගෙ වත්තෙ මල් නෙලන්නෙ අපේ වත්තෙ යං
කාගෙ වත්තෙ මල් නෙලන්නෙ අපේ වත්තෙ යං
අතුරු මිතුරු දමති මිතුරු
රාජ කපුරු සෙට්ටියෝ
අතුරු මිතුරු දමති මිතුරු
රාජ කපුරු සෙට්ටියෝ
අලුත ගෙනා මනමාලිට
කන්න ගෙනා පිට්ටු කෝ
අලුත ගෙනා මනමාලිට
කන්න ගෙනා පිට්ටු කෝ
කිරි කිරි බෝලෙට කැරකෙන
රැලි රැලි ගවුමට පොඩියට
පුංචි මගේ සාක්කුවේ
ආච්චිගේ කොණ්ඩ කැවුම්…
අවුරුද්දට රස ගෙනාපු
ආච්චිගේ කොණ්ඩ කැවුම්…
හැංගි හොරා හැංගියෝ
නොපෙන තැනක හැංගියෝ
3,5,7,10 කියලා
ගණන් කරල මං එනෝ
දුවල ගිහිං හැංගියෝ
නොපෙන තැනක හැංගියෝ
බිත්තර මල්ලක් ඇතුළේ බිත්තර කටුවයි තිබුණේ
බිත්තර මල්ලක් ඇතුළේ බිත්තර කටුවයි තිබුණේ
ගුණ්ඩු කියලා වච්චි පැනලා මල් නෙළන්න යං
කාගෙ වත්තෙ මල් නෙලන්නෙ අපේ වත්තෙ යං
කාගෙ වත්තෙ මල් නෙලන්නෙ අපේ වත්තෙ යං
Biththara Mallak | බිත්තර මල්ලක් | Kiyoma Rianesa


Comment