මැයි මල්

Lyrics of Mai Mal

වැටහේද මාගේ මේ ආදරේ
හිමිවේද වාගේ මහ සාගරේ
සිත පාවේ නුඹෙ නේත්‍රා
නිදි නෑ මා නේන මේ රාත්‍රියේ
මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ
මනසේ මා සඳ රුව යාත්‍රා

මැයි මල් පවා
ඇයිදැයි අසා
තුරු සැලුනි පිනි මල් සලා
කුසුමක් නුරා සුසුමක් ලිහා
හදපතුලේ තැන්පත් වෙලා

ලං වෙන්න ආවේ පපුවට දැනීලා
මම දන්නෙ නෑනේ ඇයි ඒ කියාලා
නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා

මැයි මල් පවා
ඇයිදැයි අසා
තුරු සැලුනි පිනි මල් සලා
කුසුමක් නුරා සුසුමක් ලිහා
හදපතුලේ තැන්පත් වෙලා

නුඹ ළඟ තනිවෙන්න ඕනා
මගෙ වචනයද පවසන්න ඕනා
කොහොමද පවසන්නෙ ආශා
නු⁣ඹෙ සුසුමක් පවා සුවඳ ගේනා

තව ඉවසන්න නෑ සිතට සීමා
සැබෑ වෙයිද?
මා පතන ආදරයේ සේයා

මැයි මල් පවා
ඇයිදැයි අසා
තුරු සැලුනි පිනි මල් සලා
කුසුමක් නුරා සුසුමක් ලිහා
හදපතුලේ තැන්පත් වෙලා

ලං වෙන්න ආවේ පපුවට දැනීලා
මම දන්නෙ නෑනේ ඇයි ඒ කියාලා
නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා

Mayi may mal mei – Yasas Medagedara Visal Adare Movie

More from RogueOne

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists