Domba Mal Kalawe

දොඹ මල් කැලෑවේ

Lyrics

දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ළං වී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
//

රෑ පිනි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේ ද
දුක් දොරකඩින් හෙට දිනේ

දොඹ මල් කැලෑවේ

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පැහැදුල් සඳක් නිසරු අහසේ පිපේවා
කටුවැට උඩින් පායලා

දොඹ මල් කැලෑවේ

Domba doba mal kalawe kelawe bambarun gayu – Visharada Gunadasa Kapuge

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists