Lyrics of Yalu Kale Adare
රෝස මල් කතා හරි ලස්සනයි එදා
නැද්ද තව ගෙනා සනසන්න මා නිවා
මුල් හාදුවෙන්ම හීන දුන්න ජීවිතේ සොයා
තරු පාට කෙරුවෙ යාලු කාලෙ ආදරේ
බිඳුණාම තමයි වේදනාම කාරණේ
සුවඳයි තාමත් මට පරවූ කුසුමේ
මතකය අතරින් ඒ හමනා හැඟුමේ
තවමත් නො ඉඳුල් හද පූජාසනයේ
නොලැබෙන සතුටක් පිළිබඳමයි සිතුනේ
හිත්වලින් අපී පිළිගත්තා නම් බැඳී ඉන්න තිබුණෙ නැද්ද වෙන් නොවී
තරු පාට කෙරුවෙ යාලු කාලෙ ආදරේ
බිඳුණාම තමයි වේදනාම කාරණේ
සිහිවනදා තාමත් ඔබගේ ඇසුරේ
දුවගෙන ඇවිදින් ඉන්නද ඔය තුරුලේ
අයිතිය නැතුවැති දැන් නීතිය හමුවේ
හදවත් වල කොහොමද සීමා තැනුවේ
හිත්වලින් අපී පිළිගත්තා නම් බැඳී ඉන්න තිබුණෙ නැද්ද වෙන් නොවී
රෝස මල් කතා හරි ලස්සනයි එදා
නැද්ද තව ගෙනා සනසන්න මා නිවා
මුල් හාදුවෙන්ම හීන දුන්න ජීවිතේ සොයා
තරු පාට කෙරුවෙ යාලු කාලෙ ආදරේ
බිඳුණාම තමයි වේදනාම කාරණේ
තරු පාට කෙරුවෙ යාලු කාලෙ ආදරේ
බිඳුණාම තමයි වේදනාම කාරණේ
Yalu Kale Adare | Mul Haduwenma Heena Dunna | Rosa Mal Katha | Nadee | Nadeema Sajeewani


Comment