නැගෙන සිතුවිලි

Lyrics

නැගෙන සිතුවිලි හිත පුරවගෙන
තිබුනෙ නුඹෙ මතකයන් විතරයි
කොඳුර කොඳුරා මගේ සවනට
ඔබ කීව කවි හරි හැඩයි

නුඹම ඇවිදින් නුඹම හැරගිය
කාරණා මම නොමදනීයී
දුරක යන්නට බැඳුණු අතැඟිලි
ලෙහා දැමුවේ නුඹ තමයි
පමා වැඩි නෑ එන්න විගසින්
බලා ඉන්නම් දිවිතුරා

නැගෙන සිතුවිලි …

පාට පාටින් හීන පෙනෙනා
සුව නින්ද මට නැතිවෙලා
ඔබට පෙම් බැඳි මගේ හදවත
හඩවලා ඔබ දුර ගිහින්
පමා වැඩි නෑ එන්න විගසින්
බලා ඉන්නම් දිවිතුරා

නැගෙන සිතුවිලි …

Nagena Sithuwili sithuvili hitha purawagena puravagena – Uresha Ravihari

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists