Miriwadi Sagalak

මිරිවැඩි සඟලක්

Lyrics

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

මිරිවැඩි සඟලක්

Miriwadi sangalak sagalak illa handuwemi – Nanda Malani malini

More from RogueOne

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists