Kimada Sumihiriye

කිමද සුමිහිරියේ

Lyrics

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ

සෙවනැල්ල වගේ වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
පිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ සිතට සුවදේ

කිමද සුමිහිරියේ …

කෙහෙරැල්ල වැටි නලලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ
වනමල් පිපිලා බරවී නැවීලා
ලං වෙන්න එයි මැණිකේ
දුටු වහාම හදවත ඔබේ
දුටු වහාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ …

Kimada Sumihiriye me arume – C. T. Fernando pranandu ප්‍රනාන්දු

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists