Sandawata Ran Tharu

සඳවට රන් තරු (බඩගිනි වෙලා)

Lyrics

බඩගිනි වෙලා ගොඩවුන කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඈගලේ පෙර..ලුනි කිරට
අම්මද බිරිදද ලොකු වෑඩියෙන් උබට
සදවට රන් තරු කෑකුලු පිපේවා
හිරුට වලාකුළු සළු පෑලදේවා
පොලොවෙහි මිනි මුතු..කෑට බිහිවේවා
පුතෙකුට අම්මගෙ…අගය දෑනේවා

ගගුලට ඇති බර… දිය වෑලි නේදෝ
කතරට ඇති හර… සුදු වෑලි නේදෝ…
ලදකට ඇති හෑඩ… යහගුණ නේදෝ
මවකට ඇති සෑප…. දරු සෑප නේදෝ…
ලදකට ඇති හෑඩ… යහගුණ නේදෝ
මවකට ඈති සෑප…. දරු සෑප නේදෝ…

ගින්නක් නැති කල.. දුමක් කොයින්දෝ…
පින්නක් නැති කල… තෙතක් කොයින්දෝ..
වහලක් නැති කල.. ගෙයක් කොයින්දෝ..
අම්මෙකු නැති කල… දෑයක් කොයින්දෝ..
සදවට රන් තරු කෑකුලු පිපේවා
හිරුට වලාකුළු සළු පෑලදේවා
පොලොවෙහි මිනි මුතු කෑට බිහිවේවා…
පුතෙකුට අම්මගෙ…අගය දෑනේවා…

Sadawata සඳ සද වට sandawata ran tharu badigini wela – C. T. Fernando pranandu

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists