ශෘංගාරේ

Lyrics

මා හිතවත නුඹ ළඟ හිත
පොත පෙරලන මේ හිත තනිවෙලා
වැඩි විස්තර ලිව්වා මම
එක ලිවුමක නුඹ ගැන හිත හිතා
ඒ දවසම හීනයක් වුවා
පාලුව සුළඟ සේ ආවා

නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ
//

රෑ වූ නිසා සඳ මා තනිකලා
ඒ තරු රටා නුඹටත් දැන් ලංවෙලා
මා ගැන කම් නැති දෝ
මතකෙට එන්නැති දෝ
නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා

නුඹ ගැන ලියා හිත ඇවිලුනා … //

ප්‍රේමේ කියා නුඹ පෙන්වූ කතා
මා හද පුදා රැකගන්නම් දිවි පුරා
මා ගැන කම් නැති දෝ
මතකෙට එන්නැති දෝ
නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා

මා හිතවත නුඹ ළඟ හිත
පොත පෙරලන මේ හිත තනිවෙලා
වැඩි විස්තර ලිව්වා මම
එක ලිවුමක නුඹ ගැන හිත හිතා
ඒ දවසම හීනයක් වුවා
පාලුව සුළඟ සේ ආවා

නුඹ ගැන ලියා හිත ඇවිලුනා … //

Shrungare shungare shrungareh ma hithawatha oba langa laga – Adithya Waliwatta adhithya aditya

More from RogueOne

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists