Lengathukam

ලෙන්ගතුකම් | Lengathukam

Lyrics of Lengathukam

ලෙන්ගතුකම් මගේ හුස්මෙන්
සොරාගෙන ඔබේ නළලේ ලියා
කඩා එන්න දඟලන නෙත් වර්ෂා
ආයාසෙන් දරා
නොකියාම ඉන්නම් තව කල්පයක් මං
සැනසෙන්න හිත ගාව
භාවනාවක් වෙලා

කාටත් හොරෙන්
හෙටටත් හොරෙන්
ආදරෙයි අපි අපිටත් හොරෙන්

පුරන් වූ හිතට ඔබ වැඩියත් දිය දහරක් වෙලා
නවාතැන් දෙන්න ඉඩ මදි වෙන ආදරයක් නිසා

ගිය දේ ගියා දෙන් මේ වේදනාවෙන්
ඇහැරෙන්න බෑ තාම අතරමං වෙලා

කාටත් හොරෙන් හෙටටත් හොරෙන්
ආදරෙයි අපි අපිටත් හොරෙන්

Yohani – Lengathukam

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists