Sigiri Sukumaliye

සීගිරි සුකුමාලියේ

Lyrics

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

අතකින් මල් දරාලා හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා දිස්නය දීලා
ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ
සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

ඔබෙ රුව නැත මැකීලා කල් ගතවීලා
මුලු දෙනෙතින් බලාලා සිත සැනසීලා
ජන කවියන් ගොතාලා කව් පදමාලා
කී විලසින් මං ගයමී රන්වන් ගී
හද සපුරාලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

Sigiri Sukumaliye hela raja samaye – C. T. Fernando pranandu

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists