පෙරදා මහ රෑ

Lyrics

පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කදුළක කැළලක් ඉතිරි වෙලා
පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ

උරහිස තැවරී වියැළුණු කදුළෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙම් ඒ ගින්නෙන්
පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ

ඔබහට පෙම් කළ යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ…..

Perada maha raa re rae – Nanda Malani

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists