ඔබ තෙමෙයි කියා බයයි

Lyrics

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි
//

මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්‌සා බිම වැටෙයි

ඔබ තෙමෙයි කියා බයයි

සළුපිළි සිරුරට ඈලෙයි
පිට මිනිස්‌සුන්ට පෙනෙයි
සළුපිළි සිරුරට ඈලෙයි
පිට මිනිස්‌සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි

ඔබ තෙමෙයි කියා බයයි

Oba themei themeyi kiya bayai bayayi – Edward Jayakody edvard

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists