මියුරු කල්පනා

Lyrics

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
වරෙක නැළවුණා වරෙක ලතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා
මියුරු කල්පනා

හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි
හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම්

මියුරු කල්පනා…..

පිනි බිඳකින් මුතු අමුණමි දිනිසුරුගෙන් සීතල දෙමි
පිනි බිඳකින් මුතු අමුණමි දිනිසුරුගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්

මියුරු කල්පනා…..

Miyuru kalpana – Victor Rathnayake

????

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists