Mee Pirunu Suwanda Mal Wane
&

මී පිරුණු සුවඳ මල් වනේ | Mee Pirunu Suwanda Mal Wane

Lyrics of Mee Pirunu Suwanda Mal Wane

මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා

රැව් නැගී තුරුණු හද බිමේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා

සිහිනෙකින් හරී සිතන්නට බැරී
ඉඳුනිලක් ලැබී කැලුම් දෙයි පිරී
විමන් නොපතමී යහන් නොසොයමී
ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමී
නෙත් පියන් වැසීලා – සිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසංසලේ

රැව් නැගී තුරුණු හද බිමේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා

මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා

කොකුම් තුවරලා – සඳුන් මුසුවෙලා
සුගන්ධය ගලයි – සුළගෙ විසිරිලා
පෙරදි තැනක දී – දිනෙක බැඳි බැඳී
සිටිය හැටි සිතෙයි – මතකෙ ඇඳි ඇඳී
ඒ ගැනත් මෙසේමයි – ඒ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලේ බවෙන් බවේ

මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
අනන්තයට යයි පියාඹලා


Mee Pirunu Suwanda Mal Wane English Transliteration

Mee pirunu suwada mal wane
Adaraya sina senu pene
Paetum bihiwela kurulu wes wala
Ananthayata yai piyaabala

Raevu naegee thurunu hada bime
Jeevitaye arutha daen daenae
Haengum vihidila dethol mathurala
Katha karayi piya sala sala

Sihinakin hari – sithannata baeri
Indu nilak laebi – kaelum dey piri
Viman nopatamee – yahan nosoyamee
Obage hada bime waetira saetapamee
Neth piyan waeseela – sith thutin pirila
Ninda yai suwen nisansalae

Kokun thawara – sandun musuwala
Sugandhaya galai – sulage wisirila
Peradi thaenakadi – dineka baendi baendi
Hitiya hati sithe – mathake aendi aendi
Ae gaenath mesemai – ae dinath mewaagei
Pem pahan dile bawen bawe

Artist: Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක), එච්.ආර්. ජෝතිපාල H. R. Joothipala

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists