Malak Se Hinahila
&

මලක් සේ හිනැහිලා

Lyrics

මලක් සේ හිනැහිලා 
දුව වැඩෙන හැටි බලා
බයත් හිතෙනව මැණිකේ 
ගණ අඳුර බෝවෙලා
ගොදුරු සොයනා රුදුරු 
නොමිනිසුන්ගෙන් මුදා
දෙනෙත් සේ රැක ගනිමු 
පුතුට මඟ පෙන්නලා

පිපෙන මුත් රුව දරා 
සුවඳ නැති මල් පවා
නොවටිනා බව කියමු 
දුවගෙ හිත සනසලා
නැණ ගුණෙන් සවි වඩා 
සඳ දියෙන් හද තෙමා
ජීවිතය කියා දෙමු 
පුතුගෙ හිත නොරිදවා

මලක් සේ …

රට දැයම හඳුනනා 
නව පැතුම් පණ පොවා
අපේ රුව ගුණ කියමු 
කලා වැව පෙන්නලා
රට දැයම හඳුනනා 
සොඳුරු මිනිසෙකු වෙලා
ලොව දිනන හැටි කියමු 
පිරුණු මිනිසෙකු වෙලා

මලක් සේ …

Malak See se Hinahila – Sunil Edirisinghe & Pradeepa Dharmadasa darmadasa

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists