කුරහන් යායේ

Lyrics

කුරහන් යායේ සඳ උතුරාගෙන
හිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුඹට ඇසේවා සුදු නෑනේ

එදා වගේ සැඳෑ අදුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා
කීව කතා රහසේ යලි සිතට නැගෙනවා

කුරහන් යායේ සඳ උතුරාගෙන …

මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුඹේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුඹෙ නාමෙන් දෑස තෙමෙනවා

කුරහන් යායේ සඳ උතුරාගෙන …

Kurahan Yaye sanda sada uthuragena – T. M. Jayarathna jayarathne

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists