කරදිය ගැඹරේ

Lyrics of Karadiya Gambare

කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ.. කිරිකැටි පුතුනේ..

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ.. කිරිකැටි පුතුනේ..

දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැ‍ති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ.. කිරිකැටි පුතුනේ..

කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ.. කිරිකැටි පුතුනේ..

Karadiya Gambare gabare gabure – Edward Jayakody

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists