නෙතු දැහැන් බිඳී

Lyrics

නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරඟනක් වගෙයි කුමරී සෙනෙහසින් බැදී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී //

ඝණදුරෙන් මිදී තරු ‍රැහැන් ඇදී සිහිනයෙන් වඩී කුමරී….
මීදුමෙන් ඇදී සිහිලසින් එතී නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී……

හසඟනන් පිරී පෙති පියුම් ඇරී කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී තුරු අගින් මිදී නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී……

Nethu Dahan dehan Bidi – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists