කුමරි බඹසර පරම පිවිතුරු

Lyrics

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලිදෙමි
බිලිගනින් මා බිලිගනින්
කුමරි බඹසර බිලිගනින්

ශිල්ප සඳහා ලැබූ සහතික
හදේ ගින්නෙන් දවමි තොප ළඟ
මුදල අගයන තොපේ ලොවකට
උගත් කම් ගුණ දහම් කුමටද

කුමරි බඹසර …

තොපට බිලිවී තෝපෙන් සුරැකි
කාණු පල්ලේ පලි ගසන්නෙමි
දිනෙක තොපගේ ලොවම බිලිගෙන
අපේ ලෝකය ගොඩනගන්නෙමි

කුමරි බඹසර …

Kumari bambasara babasara parama pivithuru piwithuru – Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists