Lyrics of Gammane Pura
තෙයි තන තම්දෙන තානේ
මල් නැටුම් නටන තාලේ
පාවෙනා වළාවේ
සිත සතුටු වෙලාවේ
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා
ඇල දොළේ ඔහේ කතා බහේ මාළු යාලුවෝ
ගුම් දිදී සුවද මල් ඉහිනා බිගු කුමාරයෝ
ආඩම්බරයිලු මාල බැදපු මාල ගිරවියෝ
මට යාළුකමට කතා කලා මල් කුමාරියෝ
හිත දිරිය දෙන්න කඳු පංතිය වගේ උස ගියා
මං ගමට කරන සෙනෙහේ ගම මටත් දෙන නියා
මල් හීන පිරුණු හිරිමල් හිත හිනාවක් තියා
ගම් දොර අයිතිය රන් පානට දුන්නාලූ ලියා
තෙයි තන තම්දෙන තානේ
මල් නැටුම් නටන තාලේ
පාවෙනා වළාවේ
සිත සතුටු වෙලාවේ
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා
Gammane Pura – Sashika Madushani Shashika

Gammane pura – Shahsika Madushani
Comment