එක මොහොතක්

Lyrics

එක මොහොතක් හැකිද ඔබට මගේ නෙතු වෙන්න
සාගරයක් වගේ ගලන කඳුළු දකින්න

එක මොහොතක් හැකිද ඔබට මගෙ ලය වෙන්න
නිමක් නැතිව හෙළන සුසුම් හඩ කන් දෙන්න

එක මොහොතක් හැකිද ඔබට මගෙ හිත වෙන්න
දිවිය පුරා දරාන උන් දුක විඳගන්න

එක මොහොතක් හැකිද ඔබට මම වී ඉන්න
ජීවිතයම රිදවූ පාළුව උහුලන්න

එක මොහොතක් හැකිද ඔබට මගේ නෙතු…..//

Eka Mohothak – Deepika Priyadarshani

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists