ඔබ තෙමෙයි කියා බයයි

Lyrics

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි
//

මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්‌සා බිම වැටෙයි

ඔබ තෙමෙයි කියා බයයි …

සළුපිළි සිරුරට ඈලෙයි
පිට මිනිස්‌සුන්ට පෙනෙයි
සළුපිළි සිරුරට ඈලෙයි
පිට මිනිස්‌සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි

ඔබ තෙමෙයි කියා බයයි …

Oba themei themeyi kiya bayai bayayi – Edward Jayakody edvard

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists