සුනිල්වන් නුවන් යුග

Lyrics

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මව්නි පියතුමනි කරුණාව පාලා

මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි  දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

සුනිල්වන් නුවන් යුග…..

රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්

සුනිල්වන් නුවන් යුග…..

Sunilwan nuwan yuga- Somathilaka Jayamaha

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists