නීල නුවන් යුග

Lyrics

නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩඟේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිඳ හිමිදිරියේ //
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ තනි වී

නීල නුවන් යුග…..

රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා //
ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ තනි වී

නීල නුවන් යුග…..

Neela nila nuwan yuga – Chandralekha Perera

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists