Lyrics
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ
හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා ඈ සුර ලොව ගියා
සුර විමනක වැදී මගේ රන්කද නිදී
තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුර විමනක වැදී මගෙ රන්කද නිදී
සුර විමනක වැදී මගෙ රන්කද නිදී
Mavakage Mawakage Unusuma nolaba – K. Sena
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


බිලිදාගේ උපත මවගේ මරණය වූ දින සහ ඉන්පසු තාත්තාගේ ජීවිතය ගැන තියෙන මේ ලස්සන ගීතය අති විශිෂ්ඨයි!!
මෙවන් ජීවිත බේරා ගන්නා වෛදය වරුන්ට හිස නමමි.
????⚕️
ලංකාවේ The maternal mortality rate in Sri Lanka was approximately 18 per 100,000 live births in 2023.