ආලවන්ත වීදියේ

Lyrics

ආලවන්ත වීදියේ,
මේ ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිල් වල
නෙක විසිතුරු සල්පිල් වල
සිහින තියන්නේ ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ යන්න හිතෙන්නේ

මේ අලවන්ත වීදියේ සොඳුරු වුනත්
පාට හීන වැඩි මිළ නෑ හරි ලාබෙට
ගන්න තියන්නේ පරිස්සමින්
නොගත්තොතින් සිහින බිදෙන්නේ
මේ ආලවන්ත වීදියේ

මේ ආලවන්ත වීදියේ නුරා ළදුන්
නෙතග බැලුම් වැඩි මිළ නෑ
අත මානෙම ගන්න තියන්නේ
පරිස්සමෙන් නොගත්තොතින්
දෑස රිදෙන්නේ මේ ආලවන්ත වීදියේ

මේ ආලවන්ත වීදියේ…..

alawantha widiye vidiye -Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists