මේ තනි යහනේ

Lyrics

මේ තනියහනේ නිදි නැති පාළු රාත්‍රියේ
මා සිතු දැහැනේ නොනිදන කවුරු හෝ හිදියි
පෙරදා පුරුදු සේ නොහඬා හැඩු නෙතින්
මේ තනියහනේ නිදි නැති පාළු රාත්‍රියේ

තාරකා දැලෙන් එහා ඒ අහිමි විජිතයේ
සිසිලසේ ගලා හැලෙන්නේ සුවඳ ආදරේ
පිදෙනා යොවුන් සිනා මල් සැගවෙනා පැයේ
සුසුමදෝ හඬා වැටෙන්නේ බිඳුනු ස්නේහයේ

මේ තනියහනේ…..

නෑසෙනා හඬින් කියු ඒ පෙම් කතා අපේ
මේ සඳයි මමයි අසන්නේ තනිව මේ රැයේ
කවුළුවෙන් බලා සිනාසී නිසල වී හදේ
කවුරුදෝ සෙමෙන් මැකී යයි කදුළකින් නෙතේ

මේ තනියහනේ…..

Me Thani Yahane – Deepika priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists