ලේනෝ

Lyrics

ලේනෝ ලේනෝ ලේනි සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන් කරච්චලේ නවසි ගහේ මුදුනේ….//

කැදැල්ල හැරදා උබගේ ලේන් පුතා කෙලි සෙල්ලමේ ගිහින්
මන් ඇති දැඩි කල මගේ සියලු දරුවෝ දීපන්කරේ ගිහින්
ලේනෝ ලේනෝ අඬන්නෙපා අපි කලදේවල් උන්ටත් පුරුදු වෙලා

ලේනෝ ලේනෝ ලේනි සමගින්…..

නිදහස් සුවඳට අත පය දැඩි වීලා නොපෙනේ අවදානම්
පියෙන් පියට වස නපුරු සතා හැන්ගී රකිනා තුරු මානම්
ලේනෝ ලේනෝ හඬන්නෙපා අපි කල හරබේ උන්ටත් හුරුවේවී

ලේනෝ ලේනෝ ලේනි සමගින්…..

Leno Milton Mallawarachchi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists