Imesh Sandeepa

මාගේම රාධා | Magema Radha

Lyrics of Magema Radha

ප්‍රේම කෙරුවේ මාගේ දෑසේ තියාලා
ඈ සැනසුවේ මාගේ ආශා නසාලා
හීන තිබුණා පාරේ ආවේම බාධා
මා මදිවුණා නේදෝ මාගේම රාධා

මේ ආදරේදී ප්‍රේමේ නෑ හීන වූයේ
ඈගේ හිතේහී මාගේ රූපේ නොවූයේ
මේ වාරයේදී ඈ නෑ මාගේම වූයේ
පෙරසේ හිතේහී මාගේ සෙනේමයි තිබූයේ

ඔ මාගේ ප්‍රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්‍රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා
ඔ මාගේ ප්‍රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්‍රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා

නාරී ඉනාවේ කීදේ නොතේරේ
ආලේ වෙළී මා පාවීය දෝරේ
ඈ ගාව වූවා මාගේ අමෝදේ
මා සෙව්ව ප්‍රේමේ කෝ දෑසේහි ඈගේ

සෑමදේ තේරුණා යාවෙලා කාලයේ රේඛා
ඈ කෙරේ මේ හිතේ – නෑ ද්වේෂ භාෂා

ප්‍රේම කෙරුවේ මාගේ දෑසේ තියාලා
ඈ සැනසුවේ මාගේ ආශා නසාලා
හීන තිබුණා පාරේ ආවේම බාධා
මා මදිවුණා නේදෝ මාගේම රාධා

මේ ආදරේදී ප්‍රේමේ නෑ හීන වූයේ
ඈගේ හිතේහී මාගේ රූපේ නොවූයේ
මේ වාරයේදී ඈ නෑ මාගේම වූයේ
පෙරසේ හිතේහී මාගේ සෙනේමයි තිබූයේ

ඔ මාගේ ප්‍රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්‍රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා
ඔ මාගේ ප්‍රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්‍රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා

Magema Radha (මාගේම රාධා) | Imesh Sandeepa | Mage Prane E Wila

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists