Kandu wunath andanawa

කඳු වුණත් අඬනවා | Kandu Wunath Andanawa

Lyrics of Kandu Wunath Andanawa

කඳු වුණත් අඬනවා, දන්නෙ මහපොළොවයි
අහසටත් දුක දැනේ, වැහි කඳුළු බිම හලයි
දරාගෙන නවතින්නෙ අහිමි බව දැනිලයි
සමහර හදවත් ගල් වෙන්නෙ එහෙමයි

එළිය දෙන තරු පවා දැවෙන බව ඇත්තයි
හඬනගා හිනැහුණේ දුක වැඩිම මොහොතෙයි
සමහර හදවත් ගල් වෙන්නෙ එහෙමයි

නිහඬ වූ හිත් ඇතුළෙ ආදරය මහමෙරයි
ඔබ නොදනිතත් මං නැවතුණේ ඒ නිසයි
සමහර හදවත් ගල් වෙන්නෙ එහෙමයි

කඳු වුණත් අඬනවා, දන්නෙ මහපොළොවයි
අහසටත් දුක දැනේ, වැහි කඳුළු බිම හලයි
දරාගෙන නවතින්නෙ අහිමි බව දැනිලයි
සමහර හදවත් ගල් වෙන්නෙ එහෙමයි

Kandu Wunath Andanawa (කඳු වුණත් අඬනවා) | Chapa Jayaruk

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists