Numba Hemin

නුඹ හෙමින් | Numba Hemin | Song & Lyrics

Lyrics of Numba Hemin

ගඟක් වී තැනිතලාවක ගලනා
තුරුපතක් සේ රැයක බිම හැලෙනා
තරු ඇසක් සේ පහන් දොර මැකෙනා
නුඹ හෙමින් මග හැරෙනු මට දැනුණා

නොයෙක පෙම් බස් අතීතෙන් ඇසුණා
කඳුළු උල්පත් කවිවලින් වැසුණා
දෙනෝ දාහක් මුණ ගැහුණ මග
මටද මා නැති තනිකමක් දැනුණා
මටද මා නැති තනිකමක් දැනුණා

නොදැනෙන්න ඔබ කවුලු දොර වැසුවා
පිටවගිය මං ළකුණු මග තිබුණා
වළාකුළකට බර වැඩිව වැහි
සිඟිති කරදහි ඔරු තෙමා තිබුණා
සිඟිති කරදහි ඔරු තෙමා තිබුණා

ගඟක් වී තැනිතලාවක ගලනා
තුරුපතක් සේ රැයක බිම හැලෙනා
තරු ඇසක් සේ පහන් දොර මැකෙනා
නුඹ හෙමින් මග හැරෙනු මට දැනුණා

Numba nuba Hemin (නුඹ හෙමින්) | Chapa Jayaruk 

More from Admin

Uploaded by
12 followers

1 Comment

  1. හරි ලස්සන පද පේලී.
    “කඳුළු උල්පත් කවිවලින් වැසුණා”
    සමහර දේවල් වහන්න අපි විවිද දේවල් පවිච්චි කරනවා.
    කදුලු වහන්න කවි භාවිතා කරනවා කියද්දී…. ????‍❤️‍????

🎵 Music Queue Add songs & save playlists