තාරුකා නිවා දුර ඈත තනි වෙලා

Lyrics

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා

සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළඟේ විසිරිලා
වෙන් වී නොයන්න දිව්යාංගනා
වෙන් වී නොයන්න දිව්යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා

දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්‍රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්යාංගනා
තුරුලේ නිදන්න දිව්යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා …. //

Tharuka niwa niva dura atha thani wela vela – Ajith Bandara

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists