සඳ බැස ගිය තැන නෑ

Lyrics

සඳ බැස ගිය තැන නෑ
හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ
මහ සයුරේ
හිනැහුනු දවසක් නෑ
සැනසුන දවසක් නෑ
නැලවුන දවසක් නෑ
මාගේ ලොවේ

හෙට හමු වෙමුද අපී
හෙට සැනසෙමුද අපී
හෙට නැලවෙමුද අපී
හිතවතියේ
නෑ අද හමුවෙමුද අපී
අද සැනසෙමුද අපී
අද නැලවෙමුද අපී
පෙම් සයුරේ

මා ඔබ දන්න තරම්
ඔබ මා හදුනන් නෑ
මා දෙස නොබැලූවත්
තරහා නැතේ

ඔබ දුටු දිනේ පටන්
ඔබ දුටු පැයේ පටන්
මගෙ හද පතුලෙ හැඟුම්
පුබුදු වුනේ

හෙට හමු වෙමුද අපී…..

සඳ බැස ගිය තැන නෑ…..

Sada sanda basa giya thana na- Rookantha Gunathilake Rukantha Rukantha

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists