Obama Mada Viya

ඔබම මාද විය මාද ඔබම විය

Lyrics of Obama Mada Wiya

ඔබම මාද විය මාද ඔබම විය

සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

ඔබම මාද විය මාද ඔබම විය..
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන

ඔබම මාද විය මාද ඔබම විය

Obama Mada Viya – Malani Bulathsinhala bulathsinghala

More from zeo

1 Comment

  1. පෙම්වතියක් තමාගේ සිතේ පොපියන හැඟුම් පෙම්වතා ඉදිරියේ ගෙනහැර පායි. මෙය මුහුනට මුහුන පැවසීමක්ද එසේත් නොමැතිනම් පෙම්වතාට ලිපියකින් හෝ වයිබර්, වට්සප් මහින් ප්‍රකාශ කිරීමක්ද යන්න පැහැදිලි නැත.

    අතීතයේ අප බොහෝ දුර ඇවිද ඇත්තෙමු. රන් හිරු රැසින් විකසිතවූමොහොතක සාගර වෙරළක අපි ඇවිද ගියා මතකද? එවැනි දින අප ගතකල අයුරු තවමත් සුන්දර මතකයන් විලසට සිහියට නැගෙන්නේ ඔබත් මමත් දෙදෙනෙකු නොව එක් අයකු පමනක්ම වන බැවිනි.

    අපි මෙතෙක් ආමග සුන්දර වූවත් ඒ ඉතා කෙටි දුරකි, යායුතු මාවත ඉදිරියටම ඇත. ඔබහා කතා කීරීමට තවත් බොහෝදේ තිබේ. අනාගතය ගැන සිතන්නට කාලය එලැඹ ඇත. සමහරදේ ඔබ ඉදිරියේ පැවසීමට නොහැකි ලෙස මා සිත සිරවී ඇත. මා ගත සිරවී ඇත.
    අප දෙදෙනාගේ සිත් දෙකක් නොව එක් සිතකි. අප ගතින් බැඳී ඇත. සිතද ගතද ඔබ හට පූජා කල මාහට ඔබගෙන් සඟවන්නට කිසිවක් නොමැත. මාගේ සියලුදේ ඔබ සතුය, ඒවා නැවත ලබාගත නොහී. මෙනිසා ඉදිරි දිනක මා අමතක නොකරනු මැනවි.

    මෙම ගීතයෙන් කියැවෙන පෙම්වතිය තම පෙම්වතාට සත්‍ය ලෙසම ආදරය කරයි. ඔහු පිලිබඳ තැබූ විශ්වාසය නිසා ඇය මෙතෙක්කල් රැකගෙන ආ සියලුදේ ඔහුට පූජාකරයි. පෙම්වතා කෙරෙහි පෙම්වතිය තුල ඇති විශ්වාසය මෙයින් මනාව පැහැදිලිවේ. ඔවුනට ජීවිත ගමනේ තව බොහෝ දුර යාමට යාමට ඇත. ඉදිරි ගමන පිලිබඳව සධාරණ බියක් පෙම්වතිය තුල ඇතිවී ඇත. ඒය පෙම්වතා පිලිබඳ විශ්වාසය පලුදු වීමක් නොව අනාගතය දෙස නෙත් පියන් හැර බැලීමකි.
    ~~තේජන අබේදීර~~
    copied from geeyaka-arutha.blogspot

Enable Notifications OK No thanks