Dase Hinawe

දෑසේ හිනාවේ කඳුලැල් උදාවේ

Lyrics

දෑසේ හිනාවේ කඳුලැල් උදාවී
බොඳ වේ ද සුදු මීදුමේ
ඈ මා සොයා ඒ තරු කැන් දුමාරේ
දුර ඈත කඳු බෑවුමේ

රෑ සිහිනෙන් ළං වී සැතපී සිතේ
අනුරාග මල් මාවතේ
ඇසුරෙන් දුරස් වී ප්‍රේමේ වියෝ ගී
ඇවිලේ ද පෙම් චිතකයේ

දෑසේ හිනාවේ කඳුලැල් උදාවී
බොඳ වේ ද සුදු මීදුමේ
ඈ මා සොයා ඒ තරු කැන් දුමාරේ
දුර ඈත කඳු බෑවුමේ

මා මනසින් වෙන් වී මතකේ වෙලී
ගුරු පාර ළඟ ගං ඉමේ
සිතුවම් අතීතේ විහඟුන් විලාසේ
පෙරසේ මැවේ මැදියමේ

දෑසේ හිනාවේ කඳුලැල් උදාවී
බොඳ වේ ද සුදු මීදුමේ
ඈ මා සොයා ඒ තරු කැන් දුමාරේ
දුර ඈත කඳු බෑවුමේ

Dase hinawe hinave kandulal kadulala udawe udave – Victor Rathnayake rathnayaka wictor wiktar

More from zeo

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists